Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

වින්ඩෝස් Xp සමු ගනී..

$
0
0
ලොව ඇති බහුතරයකගේ ජනාදරයට පත් මයික්‍රෝසො‍ෆ්ට් ආයතනය මගින් 2001 ඔක්තෝබර් 25 දා හදුන්වා දුන් වින්ඩෝස් Xp මෙහෙයුම් පද්ධතිය අත්හැර දමන්නට දැන් කාලය එළඹ ඇති බව එම අයතනය පවසයි.ලොව භාවිතා වන පරිගණකවලින් 92% ක් භාවිතා කරන්නේ කුමන හෝ වර්ගයක වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියකි.තවමත් 39% පමණ පරිගණක වල ඇත්තේ වින්ඩෝස් Xp මෙහෙයුම් පද්ධතියයි.Xp අතහැර දමන්නට පරිගණක පරිශීලකයන් අකමැත්තක් දක්වයි.තමන් වඩාත් සමීප වූ Xp ඉවත දමන්නට ඔවුහු තාමත් මැලි වෙති .එහෙත් මයික්‍රෝසො‍ෆ්ට් සමාගම තම මෘදුකාංග විකුණා ගැනීමේ තරගයක නිරත වී සිටින බැවින් වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ලබා ගන්නා ලෙස බල කිරීමක් ලෙස මෙය දැක් විය හැක.මයික්‍රෝසො‍ෆ්ට් ආයතනය පවසන්නේ තමන් 2014 අප්‍රියෙල් 08 දායින් පසුව මෙම මෙහෙයුම් පධතිය අතහැර දමන බවය.ඉන් පසුව එහි කටයුතු සඳහා එම සමාගමේ උදව්වක් නොලැබේ.මේ සමගම නරක වැඩසටහන් වලින් ආරක්ෂාවීමට එදිනෙදා තමන් වින්ඩෝස් Xp සඳහා නිකුත් කල වැඩ සටහන් නවතා දමන බවද ඔවුන් වැඩි දුරටත් කියා සිටි.එය අපට බලවත් පාඩුවකි.වයිරස් වර්ග අපේ පරිගණකයට මේ නිසා පහසුවෙන්ම ඇතුල් වනු ඇති.වින්ඩෝස් Xp වලින් වැඩකිරීම අනිකුත් වින්ඩෝස් වැඩසටහන් වලට වඩා පහසු බව පරිගණක විශ්ලේෂකයෝ පවසති.අපට බලෙන් මෘදුකාංග දී තම සේසත තරකර ගැනීමට වෙර දරන මයික්‍රෝසො‍ෆ්ට් ආයතනයට මොනවා වෙයිද ? :( :((
හෙටදින

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>