ඉංග්‍රීසි අකුරු වලින් ලියල මාතෘකා නිසා කියවන අය අපහසුතාවයට පත් වෙනව කියලයි මම හිතන්නෙ.අපි ගීක් එකට එන එක ප්‍රධාන හේතුවක් තමයි හැමෝම දන්න සිංහලෙන් සාකච්ඡාවන් යන එක. ඉතින් හැමෝටම අඩුම තරමෙ තමා ආරම්භ කරන සාකච්ඡාවේ හෝ ගැටලුවේ මාතෘකාවවත් සිංහලෙන් දාන්න පුලුවන් නම් ඒක ගීක් එකට එන අයට පහසුවෙන් කියවල ප්‍රතිචාර දක්වන්න පුලුවන් වෙයි. ඒක බලන අයට වගේම තමාගේ ගැටලුවට ඉක්මනට පිළිතුරක් ලැබෙන්නත් ඒක හේතුවක් වෙයි.
↧
මේ ගැනත් පොඩ්ඩක් හිතන්න. (පුලුවන් තරම් සිංහලෙන්ම සාකච්ඡාවන් අරඹමු.)
↧