Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය සිංහල දාමු (Install Sinhala Unicode for Android Device)

$
0
0
හැමදාම ගීක් එකට ඇවිල්ලා කාගේ හරි දෙක් බලලා අදහසක් ගත්තා මිසක්. අපිත් ඔය දන්න ටික ටික අට මගලක් ගැන ලින්න අදහසක් ආවා. ඒ නිසයි මේක දාන්න හිතුවේ. ගොඩක් අයට ප්‍රශ්නයක්නේ තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට සිංහල දාගන්න එක. ඒකට විසදුමක් විදිහට තමයි මං මේ නූල දෙන්න හිතුවේ. මේ මගේ පලවෙනි ලිපිය.

මං මේ විදිහට කලේ සෝනි (Sony/ Sony Ericsson) ෆෝන් වල විතරයි. අනික් ඒවටත් වැඩද දන්නේ නැහැ. නිකන් ඉන්න එකේ ට්‍රයි එකක් දීලා බලන්න. :D

මේක හැබැයි කරන්න පුලුවන් ROOT කරලා තියෙන ෆොන්ස් වලට විතරයි හොදේ..

1 පියවර. මුලින්ම ගිහින් DroidSamFallback කියන ෆොන්ට් ෆයිල් එකයි RootExplorer කියන ඇප් එකයි බාගන්නකෝ. (ලින්කු ටික පහලින් දෙන්නම්. මට මේකේ ලින්කු දාන විදිහ ගැන වැඩි පැහැදීමක් නැහැ අප්පා ඒකයි අවුල. එකෙන්ම ගොඩ යන්න දෙන්නම්.)

2පියවර. ඊලගට ඔයා ෆයිල් දෙකම ඔයාගේ මෙමරි කාඩ් එකට කොපි කරගන්න.

3 පියවර. ඊලගට RootExplorer කියන ඇප් එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න

4 පියවර. ඊලගට RootExplorer ඇප් එක ඕපන් කරගන්න. ඕපන් කරනකොට සුපයි යූසර් පර්මිෂන් ඉල්ලයි. ඒකත් යස් දීලා ඇතුලට යන්න

5 පියවර. ඊලගට පෙන්නයි ෆොල්ඩර් ටික. එකෙන් ඔයා sdcard කියන එකට ගිහින් ඔයා ෆොන්ට් ෆයිල් එක කොපි කරගත්තු තැනට න්න.

6 පියවර. ඊලගට ඔයාගේ ෆොන්ට් ෆයිල් එක තත්පර දෙකක් විතර ටච් කරගෙන ඉන්න එතකොට එයි වින්ඩෝ එකක්. ඒකේන් COPY කියන එක ටච් කරන්න.

7 පියවර. ඊලගට ඔයා බැක් යන්න. ඒ කිවුවේ ආපස්සට. ඊලගට ඔයා system කියන ෆොල්ඩර් එකට ගිහින් ඒ කේ ඇති font කියලා ෆෝල්ඩර් එකක් එක ඕපන් කරගන්න

8 පියවර. ඊලගට උඩම ඇති Mount R/W කියලා එකක්. ඒක ටච් කරන්න. එතකොට ඒක Mount R/O වෙයි. එහෙම උනා නම් හරි.

9 පියවර දැන් යට තියෙන Paste බටන් එක ටච් කරන්න. එතකොට රිප්ලේස් කරන්න අහයි. යස් දෙන්න..

10 පියවර. එච්චරයි දැන් ෆොන් එක රීස්ටාර්ට් කරලා බලන්න. සිංහල තියෙන සයිට් එකකට ඇවිල්ලා හරි නැත්තම් ඔය සිංහල උපසිරැසි තියෙන ෆිල්ම් එකක් බලන්නකෝ. එහෙම නැත්තම් ඔය මං දෙන සිද්‍රවක් අරන් බලන්නකෝ සිංහල උපසිරැසියත් එක්ක. (ඇඩ් එකකුත් දැම්මද මන්දා :D ලොල්) කලින් කොටු කොටු වැටුන ඒවා දැන් ලස්සනට සිංහල වෙලා පෙනෙයි..

මෙන්න ලින්තුව
http://www.dtlakmal.com/2012/11/how-to-install-sinhala-unicode-to.html

රෑට් කරගන්න එහෙම දන්නේ නැති අය ඉන්නවා නම් පොඩ්ඩක් කියන්නකෝ බලන්න. දන්නවා නම් උදවුවක් දෙන්නම්කෝ. තව ඇන්ඩ්‍රොයිඩ් ගැන මොන මොනවා හරි අහන්න තියේ නම් අහන්න. දන්න ඒවා කියා දෙන්නම්කෝ. තව ඇතිනේ ගීක් එකේ අපේ ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයෝ ටිකක්. :D

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>