පුලුවන් අය මේ ගෑන Facebookවලින් හා පුලුවන් ආකරයෙන් දෑනුවත් කරන්න.ඒය මහා පිනක් වනු ඈති. වෑඩි විස්තර මෙතනින් බලන්න.http://www.mawbima.lk/40-23455-news-detail.html.මේ ලියන්නේ සිංහරාජය ගැනය. ලෝකයේ ඉතාම අතළොස්සක් වන පොහොසත්ම තෙත් සදාහරිත වර්ෂා වනාන්තරයක් ගැනය. ලෝක උරුමයක් ගැනය. ඉහළම ජෛව විවිධත්වයක් සහිත කැලෑවක් ගැනය. කොයි පැත්තෙන් බැලුවත් මේ කියන ජාවාරම්කාරයන්ට සාධාරණීකරණය කරන්නට දෙයක් නැත. සිංහරාජය මැදින් පාරක් කැපීම නීති විරෝධීය. ඒ වෙනුවෙන් එහි ගස් කැපීම, ඩෝසර් යොදා අවුරුදු දහස් ගණනක් තිස්සේ නොඉඳුල්ව පැවැති වනාන්තරය එළිපෙහෙළි කිරීම නීති විරෝධීය. එසේම මේ කරන්නේ අපේ අනාගත පරපුරේ පැවැත්ම අනතුරේ හෙළීමකි.
![image]()
![image]()
![image]()


