Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

BIT කරන අයගෙන් සහ දන්න අයගෙන් උදව්වක් ඕනේ...

$
0
0
මචංලා මට බිට් ගැන විස්තර ටිකක් දැනගන්න ඕනේ. කරන අය මෙන්න මේවා ගැන පොඩි විස්තරයක් කියන්න.
1- දැනට තියෙන හොඳම institute 1 මොකක්ද? ඒකෙ fees කොහොමද? මම දන්න විදිහටනම් esoft නේද?
2- ඉරිදා විතරක් class දාගන්න පුලුවන්ද?
3- module papers net එකෙන් හොයාගන්න පුලුවන්ද? (ලින්ක් එකක් දැම්මනම් ගොඩ )
4- al commerce කරපු කෙනෙක්ටත් කොරන්න පුලුවන්ද?

මම එයාලගේ සයිට් ඒකෙ විස්තර ටික බැලුවා. al 3s කියල මිසක් science කරන්න ඕන කියල එහෙම නැති නිසයි ඇහුවේ.

මෙන්න මේකයි කේස් එක. යාලුවෙක් ඉන්නවා කොමස් කරපු. ඌට promotion ගන්න degree 1 ක් ඕනලු. government it field 1 job1 කරන්නේ. නිවාඩු ඉරිදා විතරයි. BIT course unit ටික බැලුවම මටත් තනියෙන් පාඩම් කරලා ගොඩ දාන්න පුළුවන් කියල හිතෙන නිසා ඌත් එක්ක මාත් පිටින් (ඌව ක්ලාස් යවලා මම ගෙදර ඉඳන්!) කරන්න කියලා බැලුවේ. මට කරන්න ආසාව තිබ්බට කොරන ඩිග්‍රියයයි, අනිත් වැඩයි නිසා මෙච්චර් කල් නොකර හිටියේ. ඒත් මුත් එක්කම කලොත් ගොඩදාගන්න පුළුවන් වෙයි.

ඉතිං ඉරිදා විතරක් වෙන් කොරලා ඕක කරන්න පුළුවන් තැනක් සහ තවත් විස්තර ටිකකුයි ලින්ක් ටිකකුයි දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්. විශේෂයෙන්ම වියදම් ගැන විස්තරයක් කරන්න. අවුරුද්දකට, සෙමෙස්ටර් එකකට ක්ලාස් වලට කොච්චර යනවද වගේ.

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>