Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

ඕන්ලයින් සල්ලි හොයන්න කැමති අයට. Design Crowd

$
0
0

Design Crowd ඒකෙන් සල්ලි හොයමු


මම මේ කියන්නේ Design Crowd එක ගැන. සමහරවිට ඔයගොල්ලෝ මේ ගැන අහලත් ඇති. මම මේක කලින් ලියන්න හිටියත් හැමෝම අහන ප්‍රශ්නයක් තමයි ඔය මේකෙන් සල්ලි ගත්තද? ඇත්තටම සල්ලි හම්බ වෙනවද? වගේ ඒවා.ඒ නිසා මම වැඩේ හරියනකන් ඉදල තමා මම මේ ලියන්නේ. මට අද මේකෙන් 100$ හොයාගත්තා. මේ තියෙන්නේ මට අද එවපු මේල් එක.
image
ඇත්තටම $100 ක් නෙමේ $85යි. :D designcrowd ඒකෙන් 15 ක් අරගෙන. එහෙමනේ එගොලොනේ ඔක්කොම කරන්නේ.
ඉතින් මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ කොහොමද Design Crowd ඒකෙන් කොහොමද සල්ලි හොයාගන්නේ කියල.


ඉස්සල්ලම ඔයගොල්ලොත් Design Crowd එකේ ලියාපදිංචි වෙන්න I am a Designer කියලා.
ඊලගට Browse projects කැමති එකක් තෝරන්න. මෙතන Graphic design, Logo design, Brochure design, Business card design, web site design, Word press design වගේ ගොඩක් ඒවා තියනවා. ඕගොල්ලන්ගේ දක්ෂතාවය හා හැකියාව තියන එකක් ඔය තෝරන්න. ඊටපස්සේ එන ලිස්ට් ඒකෙන් එක එක project එකට ගිහින් project owner දීල තියන විස්තරය කියවන්න. ඔයාට කරන්න පුළුවන් වගේ නම වැඩේ පටන්ගන්න.
මෙතැනදී මම යමක කියන්න ඕනේ මොකද මෙතන active වගේම නැති ඒවත් තියනවා. එකේ දල තියන කමෙන්ට් වලින් සහ අප්ඩේට් වලින් එක ඇක්ටිව් හා නැති ඒවා හොයාගන්න පුළුවන්. ඒ කිව්වේ සමහර අය ජොබ් එක දලා විවිද හේතු මත ඒවා නොසලකාහැර තියෙන නිසා. පුළුවන්තරම් payment prepaid - Guaranteed කියන ජොබ් කරන්න.
මේ වැඩ වලට ඔයාට illustrator, Correldraw, photoshop, wordpress වගේ දැනුම ඕන වෙනවා. එවගේම ඉංග්‍රීසි දැනුමත් ඕනේ කියවන්න වගේම customer සමග පණිවිඩ හුවමාරු කරගන්න.
ඔයා කරන design එකේ png හරි jpg එකක් ඉස්සල්ලම සබ්මිට් කරන්න. හැමතිස්සෙන්ම ඒගොල්ලෝ දීල තියන requirements හරියටම කියවල ඒ විදියටම කරන්න. ඔයාට කිහිපයක් හරි කරන්න පුළුවන්. ඊටපස්සේ ඔය දාපු වඩා ගැන touch එකේ ඉන්න. customer කැමති නම් ඒ ගොල්ලෝ ඔයාට feedback එවයි. ඒවා බලන්න ඔයා My profile වල Notifications කියන එකට යන්න.
image
එතන කහ පාට කොඩි වලින් feedback ද නිල් පාට කොඩිවලින් massage ද රතු පාට කොඩි වලින් Project alerts ද කොළ පාට කොඩි වලින් Payments ද දැකගන්න පුළුවන්. customer එවන feedback, massage, Project alerts වලට පුළුවන් ඉක්මනට ප්‍රතිචාර දක්වන්න. ඒගොල්ලෝ ඉල්ලන වෙනස්කම් කරලා දෙන්න.
පොඩි දෙයක් කියන්න ඕනේ හැමදෙයක්ම තීරණය වෙන්නේ ඔයාගේ නිර්මාණ හැකියාව මත. ඉස්සලම කරන වැඩේ හරියන්නේ නැති වෙයි, ඒත් අධෛර්යය වෙන්න එපා. කලින් ඉවර වෙච්ච project වල දිනපු design බලන්න එතකොට ඔයාට අදහසක් ගන්න පුළුවන් කොහොමද කරන්න ඕනේ කියල. මගේ හරි ගියේ හතරවෙනියට දාපු එක. එක මම එච්චර උනන්දුවෙන් දාපු එකක් නෙමේ. නමුත් පලවෙනි feedback එක ලැබුණු ගමන බැහැල වැඩකරා. 6-7 පාරක් ග්‍රැපික් එක වෙනස් කරා ඒගොල්ලන්ට ඕනේ විදියට.

General comments:
This design: is the best so far. Please submit some new designs.

Wow, great design! I think this is the one. I am conducting a poll so I will see how it ends up but I really like this a lot. Can you confirm what vector formats you can provide this to me in (I prefer Adobe Illustrator). Also, the requirements stated that I will also need a status bar icon in vector format. Will you be able to provide this as well?

Feel free to submit more ideas if you have any. I really like your work.

Thank you for all your submissions. If I choose your design, can I get all your submissions in vector format?

Regards,
Jason


මේ තියෙන්නේ සැහීමකට පත් වෙලා එවපු massage එක. ඒ ගොල්ලෝ අපේ එක තෝරගත්තට පස්සේ අපි ඒගොල්ලෝ ඉල්ලන format, size වලින් ග්‍රැපික් එක දෙන්න ඕනේ. source files එහෙම. මතක ඇතුව නිතරම notifications බලන්න. decision pending තිබිල ඔයාගේ එක approve කලට පස්සේ Design Crowd ඒකෙන් ඔයාට payment කරනවා. (කරයි). ඔයාට paypal හරි moneybookers වලට හරි ගෙවීම් ලබාගන්න පුළුවන්. මේකට ඔය my profile වල payment options වලට ගහින් ඔයාගේ අදාල විස්තර දීල තියන්න.




ඔයගොල්ලොත් අදම Design Crowd එක්ක වැඩ පටන් ගන්න. මම හැමෝටම සුබ පතනවා ඉක්මනට ප්‍රතිපල ලැබෙන්න කියල. යාලුවන්ටත් මේ ගැන කියන්න. ලොකු ගානක් හොයන්න පුළුවන් වෙන ක්‍රම වලට වඩා. වෙබ් ඩිසයින් එකකට $1000 ක් විතර ගෙවනවා. ලෝගෝ එකකට $300-$500 ක් වගේ. මහන්සි උනොත් අපතේ යන්නේ නෑ. geek එකේ ඉන්න ඔක්කොම ග්‍රැපික් ඩිසයිනර්ස්ල එකතු වෙලා වැඩ කරමු.
ප්‍රශ්න අහන්න. උදව් කරන්නම්, දැන්මම මෙතනින් ලියාපදිංචි වෙන්න
හැමෝටම ජය වේවා !!!

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>