Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

ලිනක්ස් මෙහෙයුම් පද්ධති වල බහු මාධ්යිය (multimedia audio - video) පහසුකම්

$
0
0
ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සමග සලකා බැලීමේදී වින්ඩෝස් සංස්කරණ වලට හුරු වී සිටීන බොහෝ දෙනෙක්ගෙන් ලිනක්ස් පිලිබදව විමසුවොත් ලැබෙන ප්රධානම චෝදනාවක් වන්නේ වින්ඩෝස් සමග සසදා බැලීමේදී එයට සාපේක්ෂව ලිනක්ස් හි බහුමාධ්යෝය (මල්ටිමීඩියා) සදහා දක්වන පහසුකම් ඉතා අවම බව. නමුත් මෙය සත්ය කාරණයක් නොවෙයි. මේ වනවිට නිකුත් කර තිබෙන ලිනක්ස් මෙහෙයුම් පද්ධති බොහොමයක එවා ඇතුලත් කරගත් සැනින් මෙම පහසුකම් ඉබේම ඇතුලත්ව තිබෙනවා. එසේ නොවුනත් ඉතා පහසුවෙන් මෙම විශේෂාංග එකතු කරගැනීමේ හැකියාවන් මෙම නව සංස්කරණ වලඅඩංගුයි.ලිනක්ස් මෙහෙයුම් පද්ධති විවිධ නාමයන් යටතේ අපට සොයාගත හැකි වුනත් මෙම ලිපියේදී ප්රනධාන වශයෙන් සැලකිල්ලට ගන්නේ ඉතාම පහසුවෙන් ලබාගත හැකි ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් වන “උබුන්ටු“ පිලිබදවයි. කෙසේ වුවත් මෙහිදී කියැවෙන බොහෝ කරුණු අනෙකුත් බොහෝ ලිනක්ස් සංස්කරණ සදහාත් සාර්ථකව ක්රිඅයාත්මක වෙනවා. උබුන්ටු හි නවතම සංස්කරණය වන “Ubuntu 10.04“ පහත සදහන් වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට ලබාගන්න පුලුවන්. http://www.ubuntu.com/ මෙම මෙහෙයුම් පද්ධතිය තුල මල්ටිමීඩියා පහසුකම් සදහා සහය දක්වන මෘදුකාංග බොහෝ ගණන ඇතුලත්ව තිබෙනවා.වින්ඩෝස් පද්ධතීන් භාවිතයෙන් ලබාගත හැකි පහසුකම් විශාල ප්රදමාණයක් මෙම උබුන්ටු මෙහෙයුම් පද්ධතිය ඇසුරෙන්ද ලබාගැනීමට පුලුවන්. ඒවා අතර ශබ්ද පටිගත කිරීම, සංයුක්ත තැටි පිටපත් කිරීම, File Convert කිරීම වැනි එදිනෙදා ඔබ සිදුකරන බොහෝ සරල කාරණාවන්ගේ පටන් වීඩියෝ ක්ලිප් සංස්කරණය කිරීම, ත්රි මාණ නිර්මාණයන් සිදුකිරීම වැනි බරසාර කටයුතු දක්වා වූ පහසුකම් රාශියක් ඇතුලත්ය. අලුත් මෘදුකාංග ඇතුලත් කිරීමද පහසුවෙන් කරගත හැකියි.

ලිනක්ස් සදහා Audio Players


විවිධ ඕඩියෝ ක්ලිප්ස් ධාවනය කිරීම සදහා විවිධාකාර Players ගණනාවක් ලිනක්ස් මෙහෙයුම් පද්ධති තුල ඇතුලත් කල හැකි අතර වින්ඩෝස් සදහා ඇති සමහර Players වල ලිනක්ස් සදහාද සංස්කරණ ඔබට ලබාගත හැක. ලිනක්ස් සදහා භාවිත කරන ප්රාධාන Players කිහිපයක් පහත වේ.

Rhythmbox

image

උබුන්ටු වල භාවිත වන ප්රයධානම ඹ්ඩියෝ ප්ලෙයරය වන්නේ Rhythmbox ය. සාමාන්යල ප්ලේයරයකින් ඔබ බලාපොරොත්තු වන කාර්යයන් එයින් ඉතා පහසුවෙන් කර ගත හැකිය. MP3 ආදී ෆයිල්ස් play කිරීමට අමතරව Internet Radio support, Podcast පහසුකම් ආදියද එහි අඩංගු අතර play list එක නිසා අවශ්යඑ ගීතයක් පහසුවෙන් තෝරාගෙන රසවිදිය හැකිය. මීට අමතරව Audio CD වල අඩංගු ගීත පරිගණකයට පිටපත් කර ගැනීමේ පහසුකම සහ අලුතෙන් Audio CD එකක් සකසා ගැනීමේ පහසුකමද සහිතය. මෙහි නවතම සංස්කරණය http://rhythmbox.sourceforge.net/ වෙත පිවිසීමෙන් ඔබට ලබාගත හැකිය.

Amarok

image

KDE පාරිසරිකය සදහා වන Amarok ප්ලේයරය විශිෂ්ඨ පහසුකම් ගණනාවකින් සමන්විත වේ. මෙයද ප්ලේයරයක් පමණක් ලෙස නොව ඔබගේ අවශ්යරතා පරිදි එය ඔබගේ ගීත හා ඕඩියෝ ෆයිල්ස් කළමණාකරණය කරන සහයකයා වශයෙන්ද භාවිත කිරීමේ හැකියාව සහිතය. මෙහි ඇති විශේෂාංග අතර Lyrics Window, Themes සහ skins වෙනස් කල හැකි වීම, iPod උපකරණ සමග සම්බන්ධ කරගැනීමේ හැකියාව, ගීත ඇල්බම වල තොරතුරු අන්තර්ජාලය හරහා ලබා ගැනීමේ හැකියාව ආදිය ඇතුලත්ය. http://amarok.kde.org/en වෙත පිවිසීමෙන් එහි අලුත්ම සංස්කරණය මෙන්ම එහි පෙර සංස්කරණයන්ද ලබාගත හැකිය.

මේවාට අමතරව Exaile, Audacious, Decibel Audio Player ආදී ඕඩියෝ ප්ලේයර ගණනාවක් ලිනක්ස් මෙහෙයුම් පද්ධති සදහා සහය දක්වයි

ලිනක්ස් සදහා Video Players
ඕඩියෝ ක්ලිප්ස් ධාවනය කිරීම මෙන්ම video files සදහාද Video Players ගණනාවක් ලිනක්ස් මෙහෙයුම් පද්ධති සදහා තිබෙන අතර RealPlayers වැනි ඇතැම් ඒවායේ ලිනක්ස් සදහාද ඇති සංස්කරණ තිබේ. ලිනක්ස් සදහා භාවිත කරන ප්රසධාන Players කිහිපයක් වේ.

Totem

image

Totem ප්ලේයරය GNOME පාරිසරිකය සදහා නිල වීඩියෝ ප්ලේයරය වේ. සරල වුවත් වින්ඩෝස් මීඩියා ප්ලේයරයට සමාන පහසුකම් මෙහි ඇතුලත් කර ඇත m3u, ra, asx ආදී playlist files සදහාද මෙය සහය දක්වන අතර Full screen mode, Full keyboard control, Playlist with Repeat and Shuffle modes, Video thumbnailer වැනි උසස් පහසුකම් ගණනාවක් අඩංගුය. DVD සදහාද totem ප්ලේයරය සහය දක්වයි. වැඩි විස්තර දැන ගැනීමට http://projects.gnome.org/totem/index.html වෙත පිවිසෙන්න.

GXine(Xine)

image

පෙනුමෙන් සහ ක්රි යාකාරීත්වය අතින් තරමක් දුරට මෙය වින්ඩෝස් වලදී ඔබට දැක පුරුදු Power DVD Player එකට සමානය. DVD menu පහසුකම් සහිත වන අතරම CDs, DVDs, සහ VCD සදහා ලිනක්ස් වලදී භාවිතා කරන ප්ලේයරය මෙය වේ. කෙසේ වුවද ඊට අමතරව AVI, MPG ආදී වීඩියෝ ෆයිල් සහ MP3 වැනි ඕඩියෝ ෆයිල් සදහාද ධාවකයක් ලෙස ක්රිGයා කිරීමේ හැකියාව GXine සතුය. තවද Gxine පිහිටුවා ගැනීමෙන් පසුව එය මගින් අන්තර්ජාලය ඔස්සේ streaming පහසුකම් ලබා ගැනීම සදහාද යොදාගත හැකිය. GXine පිලිබදව ඇති http://www.xine-project.org/home වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් වැඩිදුර විස්තර මෙන්ම නවතම සංස්කරණයන්ද ලබාගත හැකිය.

Kaffeine

image

මෙය KDE පාරිසරිකය සදහා සැකසු ප්රසධානම video player එක වේ. පෙර කී ප්ලෙයර වල ඇති පහසුකම් සියල්ලම පාහේ මෙහි ඇතුලත් වන අතර එයට අමතරව digital TV සදහා සහය සහ 10-band equalizer සහිත පහසුකම්ද මෙහි ඇතුලත් කර ඇත. මෙහි වෙබ් අඩවිය http://kaffeine.kde.org/ වේ.

VLC media player

image

ඔබ අප කවුරුත් හොදින් දන්නා VLC Media player හි ලිනක්ස් සදහාද සංස්කරණයක් තිබේ. එය http://www.videolan.org/vlc/download-ubuntu.html වෙතට පිවිසීමෙන් ලබාගත හැකිය.
මෙහිදී අප සලකා බැලුයේ video සහ audio ආකාරවල ෆයිල්ස් ධාවනය කල හැකි players ගැනය. පහත දැක්වෙනුයේ ලිනක්ස් වලදී ඔබට භාවිතා කල හැකි Editing Softwares කිහිපයක් ගැනයි.

Sound Recorder

image

වින්ඩෝස් වලදී මෙන්ම මෙහිදීද ඇතුලත්වන සරලම පටිගත කිරීමේ වැඩසටහන වන්නේ මෙම Sound Recoder ය. මෙහි ඇත්තේ ඉතා සරල පහසුකම් කිහිපයකි.

Audacity

image

Audacity යනු පටිගත කිරීමට පමණක් නොව එම පටිගත කරන ලද ගොණු අවශ්ය් ආකාරයට වෙනස් කොට කපා කොටා සකසා ගැනීමට පවා භාවිතා කල හැකි මට්ටමේ ඇති Audio Editor එකකි. පටිගත කරන ලද tracks වල තත්ත්වය පාලනය කිරීම, effects එකතු කිරීම, වෙනස් format වලට හැරවීම, tracks mix කිරීම ආදී වැඩ කටයුතු මෙමගින් පහසුවෙන් කරගත හැකිය.(කෙසේ වුවද මෙය WMA, AAC වැනි ආරක්ෂිත මාදිලියේ files සදහානම් දැනට ඇති සංස්කරණ වලදී සහය නොදක්වයි.) වැඩිදුර විස්තර සදහා http://audacity.sourceforge.net/ වෙත පිවිසෙන්න.

Sound Converter

image

AAC, MP3, FLAC, WAV වැනි ප්ර කට file formats එකිනෙක අතර convert කිරීම සදහා පහසුවෙන් භාවිතා කල හැකි සරල මෘදුකාංගයකි. විස්තර සහ නව,පැරණි සංස්කරණ ලබා ගැනීම සදහා http://soundconverter.berlios.de/ වෙත පිවිසෙන්න.

Open Movie Editor

image

Windows Movie Maker වලට සමාන ගුණාංග සහිත මෙහි වාණිජ මට්ටමේ වීඩියෝ මෘදුකාංගයක තරම් පහසුකම් නොතිබුණත් මෙයින් අපට එදිනෙදා අවශ්යත කරන වීඩියෝ නිර්මාණ පහසුවෙන් කර ගැනීමට පුලුවන. මෙහි වෙබ් අඩවිය වන්නේ http://www.openmovieeditor.org/index.html ය.

gtk-recordMyDesktop
Video tutorials වැඩ සටහන් ආදිය සැකසීමේදී පරිගණක තිරයේ සිදුවන දෑ පෙන්වීමට තිරය පටිගත කර තිබෙනු ඔබ දැක ඇතිවාට සැක නැත. මේ එවැනි දේ සදහා ලිනක්ස් මතදී භාවිතා කරන්නට සැකසුනු වැඩසටහනකි.
http://recordmydesktop.sourceforge.net/about.php

මෙම ලිපියෙන් බලාපොරොත්තු වූයේ මෙම මෘදුකාංග වල ක්රිලයාකාරීත්වය විස්තර කිරීමට නොව ලිනක්ස් වැඩසටහන් වල මල්ටිමීඩියා පහසුකම් සදහා දක්වන සහය ඉතා අවම බවට ඇතැමුන් දරණ මතය 100% ම සත්ය නොවන බව මදකින් හෝ පැහැදිලි කීරීමටය.

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>