මම මේක ලියන්නේ කාවවත් වට්ටන්නවත් කාගෙවත් බලාපොරොත්තු නැති කරන්නවත් නෙවෙයි.E-money හින්දා මම ඒලෙවල් අතෑරියා කියලා මම පහුගිය දවසක තැන් දෙක තුනකම දැක්කා.ඔය දේ දකිනකොට අවංකවම හිතට දුකයි.ඒකයි මේ විදිහට ලියන්න හිතුනේ.අනිත් අයට තම තමන්ගේ අදහස් ලියන්න පුළුවන් ඒකයි සාකච්ඡාවක් විදහට දැම්මේ.
අලුතෙන් ඊ මනී පටන් ගන්න ඉන්නවනම් ඒ ලෙවල් අතෑරලා ඒක කරන්න හිතෙනවනම් කවදාවත් ඒදේ කරන්න එපා මලේ.මගේම මල්ලිට වගේ මම කියන්නේ.ගීක් එකේ මම දවසට රු.5000 ක් හොයනවා මම මාසෙට ඊ මනි වලින් ලක්ෂයකට වැඩිය හොයනවා,මම ඇඩ්සෙන්ස් වලින් රු40000ක් හොයනවා වගේ ඊ මනි කරන අය දාලා තියන පෝස්ට් දැක්කහම මේ මොන රෙද්දක්ද අපි අවුරුදු දෙකක් කට්ට කාගෙන නිදි මරාගෙන අහවල් එහෙකටද මෙච්චර මැරෙන්නේ කියලා හිතෙයි.එතකොට ඒ කියන ඒවා බොරුද?නෑ සේරම ඇත්ත.ඒත් ඔය දේට ළඟාවෙන්න ඒ අය මොන තරම් කට්ටක් කාලා තියනවද කියලා එයාලගෙන් ඇහුවොත් කියයි.ඊ මනි කියන තරම් මිහිරි නෑ කියන එක මම අත්දැකීමෙන් දන්නවා.මම කියන සල්ලි හොයන එක නෙවෙයි.සල්ලි නම් අම්බානෙක හෙව්වැහැකි.මම තවම කරන්නේ ෆයිවර් ඇඩ්සෙන්ස් විතරයි සාර්ථකව.දවසට ෆයිවර් ඔඩර් 3/4ක් ඇවිල්ලා සතියක් යනකල් එකක්වත් ආවේ නැති උනොත් හිතට දැනෙන feeling එක කොහොම එකක්ද කියන එක දන්නේ එහෙම දැනුන අයම තමා.කොටින්ම මම මීට ටික කාලෙකට කලින් උණ හැදිලා සති දෙකක් විතර දුක් වින්දා නැඏිටගන්නවත් බැරිව.එතකොට ලැප ඉස්සරහ ඉඳගන්නවා තියා ඇඳෙන් නැඟිට ගන්නවත් බෑ.මගේ ඇඩ්සෙන්ස් වැටුනා බලන් ඉද්දි.ලෙඩ වෙලා ඉද්දි කඩ්ඩ පෝස්ට් එකක් ලියන්න තියා හිතන්නවත් බෑනේ.දවසට රු600 ආපු ඇඩ්සෙන්ස් වල දැන් එන්නේ දවසට $0.28-0.50 විතර.බැරිම තැන පුලුවන් විදිහට ලැප ඇඳට අරගෙන නිදාගෙන වැඩ කලා.අවසානෙට මොකුත් පේන්නේ නැති තරමට ඇස් වලින් කඳුලු එනවා.ඊට පස්සේ ෆයිවර් ගිග් ටික ටෙම්පරි සස්පෙන්ඩ් කලා.ඔච්චර මැරීගෙන ඔය මඟුල කරන්නේ ඇයි කියලා කෙනෙක් අහයි.කවුරු හරි ආතල් එකට ඊ මනි කරනවනම් මේක එච්චර ගානක් නැතුව ඇති.ඒත් මම මගේ කැම්පස් ජීවිතේට වියදම් කරන්නේ මේකෙන්.ලැපට තවම ගෙවනවා.ෆෝන් බිල නෙට් බිල සේරම ගෙවන්නේ මගේ සල්ලි වලින් කෑල්ලත් එක්ක රවුමක් දාන්න සල්ලි ඕනේ ඒවට බොරු කියලා ගෙදරින් සල්ලි ඉල්ලන එක අපි කරන පවක්නේ.කොටින්ම මම සත පහක් ගෙදරින් ඉල්ලන්නේ නෑ.තවම කැම්පස් කොල්ලෙක් විදිහට මගේ මාසික වියදම රු13500 ක් විතර වෙනවා.ඔය සල්ලි ගෙදරින් ඉල්ලන්න බෑ කියන එක තේරෙනවනේ.
ඒලෙවල් කරන එවුන් ගොඩක් දැන් කරන්නේ ඒලෙවල් අමාරුයි කියලා ඒක පැත්තක දාලා ඊ මනි වලට බහිනවා.සිරාවටම ශෝචනීය තත්වයක්.උඹලා මාසෙකට ලක්ෂ ගනන් හෙව්වත් ඉගෙන ගැනීමේ තියන වැදගත්ම කවදාහරි තේරෙයි.මොන දේත් කරන එක ලේසි නෑ.මම දැන් ඉන්න තැනට ආවේ දෙපාරක් ඒලෙවල් කරලා නිදි මරාගෙන පාඩම් කරලා.එහෙම කරලාත් මේක අවසානෙට එක පාරටම මාසෙකට ලක්ෂයක් එක හමාරක් හම්බෙන තැනකට යන්න බෑ කියන එක මම දන්නවා.ඕනෙනම් 40ක් 50ක් ගන්න පුළුවන් වෙයි.හැබැයි මට වැදගත් ඒ පඩිය නෙවෙයි.යන තැන.අපි සේරටම කැම්පස් යන්න බැරිවෙයි.මාස්ටර් ඩිග්‍රි කරන්න බැරි වෙයි.කොටින්ම මම කරන්නෙත් ඉංජිනියරින් ඩිප් එකක්.හැබැයි එතනින් මම ඉගෙන ගන්න එක ඉවර වෙන්නේ නෑ.කොටින්ම අපි ඊ මනි කරන්න ගියත් ඉගෙන ගන්න කොච්චර දේවල් තියනවද?හැමෝටම කැම්පස් යන්න බැරි උනත් ඒලෙවල් වැදගත් විදිහට ඉවර කරගෙන පිළිගන්න විදිහේ ජොබ් එකක් ගත්තොත් ඒකේ වටිනාකම මෙච්චරයි කියන්න බෑ.මෙහෙම හිතපල්ලා ඉතාලි යන උන්(ඒ අයට කරන අපහාසයක් නෙවේ) මාසෙට ලක්ෂ ගනන් හොයන සල්ලි කාරයෝ.ඒත් ඩොක්ටර් කෙනෙක්ට,ඉංජෙක්ට,අඩුම ගානේ ගුරුවරයෙක්ට තියන තැන වත් උන්ට නෑනේ සල්ලි තියනව කියලා.උඹලා මාසෙට ලක්ෂ දෙකක් හොයන සල්ලි කාරයෙක් උනා කියමු ඊ මනි වලින්.ඊට පස්සේ හොඳ තැනකින් කෙල්ලෙක් බලනවා කසාද බඳින්න.නැත්තම් යාළුවෙලා ඉන්න කෙල්ලව බඳින්න සෙට් වෙනවා.ඒ කෙල්ලගේ ගෙදරින් ඇහුවොත් කරන රස්සාව මොකද්ද කියලා දෙන උත්තරේ මොකද්ද?ඊ මනි?එහෙමත් නැත්තම් ඇඩ්සෙන්ස්/ෆයිවර්/ඔඩෙක්ස්?උඹ ඒලෙවල් වත් කරලා නෑ කියලා දැනගත්තොත් බබා හම්බ වෙයි නේද?සමහරවිට මොකක් හරි බොරුවක් දාලා ෂේප් කරගත්තා කියමු.හැබැයි හැමදාම බොරුව කියන කරන්න බෑ.අනාගතේ තමන්ගේ දරුවෙක්ට කියන්න උනත් රස්සාවක් තියෙන්න ඕනේ.සමහරවිට අනාගතේ බිස්නස්කාරයෙක් වෙන්න පුළුවන් වෙයි.හැබැයි ඔය නිලේ හැමෝම පිහිටන්නේ නෑ.
මීට වැඩිය මේක ලියාගෙන ගියොත් බ්ලොග් පෝස්ට් එකක් වෙනවා.මම කියන එක අදාල අයට තේරෙනවා කියලා හිතනවා.ඔන කෙනෙක් තමන්ගේ අදහස් ලියන්න.සමහර විට මම වැරදි වෙන්න පුලුවන්.මම කියන්නේ අර වැඩේ නොකර ඕනේ දෙයක් කියන එක